පරාජයෙන් හෙම්බත් වූ මහනුවරට සුබ ආරංචියක්

Date:

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය තුළ ජයග්‍රාහී ක්‍රීඩා රටාවකට අවතීර්ණ වීමට කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම තවමත් අපොහොසත් වී තිබෙනවා.

මේ වන විට තරග 6 කට ක්‍රීඩා කර ඇති ඔවුන් ජයග්‍රහණය කර ඇත්තේ එක් තරගයක් පමණයි.

අවසන් පූර්ව වටයට පිවිසීමට නම් ඔවුන් ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අවසන් තරග දෙක තුළ දී හෝ ඉහළ දක්ෂතාවයක් පෙන්නුම් කිරීම වැදගත් වනු ඇති.

මේ වන විට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම තමන් ක්‍රීඩා කළ තරග පහම පරාජයට පත් වී ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවන බැවින්, මූලික වටයේ තරග අවසන් වන විට කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම ඔවුන්ට වඩා ඉදිරියෙන්, එනම් මේ වන විට රැදී සිටින සිව්වන ස්ථානයේම කෙසේ හෝ රැදී සිටීම පමණක් අවසන් පූර්ව වටයට පිවිසීම සදහා ප්‍රමාණවත් වනවා.

මේ අතර, කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම වෙනුවෙන් සහයෝගය පල කරන ප්‍රේක්ෂකයන්ට යම් සුබවාදී බලාපොරොත්තුවක් ඇති කරමින් අත්දැකීම් බහුල වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වන ඩේල් ස්ටේන්ට ඉදිරි තරගවලදී කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම නියෝජනය කිරීමේ හැකියාව මේ වන විට උදා වී තිබෙනවා.

දිවයිනට පැමිණ නිරෝධායන ක්‍රියාවලියට යටත්ව සිටින ඔහුගේ නිරෝධායන කාල සීමාව, මහනුවර කණ්ඩායම ක්‍රීඩා කරන මීළග තරගය පැවැත්වෙන දිනය වන විට නිමාවට පත්ව තිබීම හේතුවෙනුයි ඔහුට එම අවස්ථාව උදා වන්නේ.

ඒ අනුව එළඹෙන 09 වනදා ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමග ක්‍රීඩා කිරීමට නියමිතව ඇති තරගයේදී ඩේල් ස්ටේන් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම නියෝජනය කරනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...