කලම්බු කිංග්ස් අවසන් පූර්ව වටයට – නුවරට තවත් පරාජයක්

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තම ස්ථානය ද තහවුරු කර ගැනීමට කලම්බු කිංග්ස් කණ්ඩායම අද(5) සමත් වුණා.

ඒ, මෙවර තරගාවලියේ 13 වන තරගයෙන් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම කඩුලු 7කින් පරාජයට පත් කරමින්.

හම්බන්තොට පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට පන්දුවාර 19.2ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 105ක් පමණයි.

එය මෙවර තරග වාරයේ දී කණ්ඩායමක් වාර්තා කළ අඩුම ලකුණු සංඛයාවයි.

රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 34ක්, ඉර්ෆාන් පතාන් ලකුණු 18ක් සහ දිල්රුවන් පෙරේරා ලකුණු 12ක් රැස් කළා.

සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාවට ළගා වීමට අවස්ථාවක් උදා වූයේ නැහැ.

පන්දු යැවීමේ දී කායිස් අහ්මඩ් පන්දුවාර 4 තුළ දී ලකුණු 8ක් පමණක් ලබා දී කඩුලු 2ක් බිද හෙලූ අතර, අශාන් ප්‍රියන්ජන් සහ තික්ෂිල ද සිල්වා ද කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කලම්බු කිංග්ස් කණ්ඩායම කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ පන්දුවාර 14.1ක් අවසානයේ දීයි.

දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 35ක් සහ අශාන් ප්‍රියන්ජන් නොදැවී ලකුණු 26ක් ලබා ගනිමින් ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී නුවන් ප්‍රදීප්, මුනාෆ් පටෙල් සහ විශ්ව ප්‍රනාන්දු කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේ ලකුණු 17කට එක් කඩුල්ලක් දවා ගත් කලම්බු කිංග්ස් කණ්ඩායමේ දුෂ්මන්ත චමීර.

මෙම පරාජයත් සමග කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම මෙවර තරගාවලියේ දී මේ වන විට ක්‍රීඩා කළ තරග 6න් තරග 5ක්ම පරාජයට පත්ව තිබෙනවා.

ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ සිව්වන ස්ථානයේ පසුවන අතර, අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම සදහා කැන්ඩි ටස්කර්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම් අතර මේ වන විට තරගයක් නිර්මාණය වී තිබෙනවා.

ජැෆ්නා ස්ටැලියන්ස්, කලම්බු කිංග්ස් සහ දඹුල්ල වයිකින්ග් යන කණ්ඩායම් මේ වන විටත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා අවසන්.

ප්‍රසාද ලකුණු සටහන –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...