රසලුත් පුදුමයට පත් කළ අසේලගේ අමුතු පහර

Date:

අසේල ගුණරත්න යනු තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකාවට ජයග්‍රහන කිහිපයක්ම ගෙන ඒමට දායක වූ ක්‍රීඩකයෙක් බව නොරහසක්.

ඔස්ට්‍රේලියාවට එරෙහිව එරටදී ම 20යි 20 තරගයකින් ශ්‍රී ලංකාවට සුපිරි ජයග්‍රහනයක් ගෙන ඒමට ඔහු දැක් වූ දක්ෂතාවය තවමත් බොහෝ ක්‍රිකට් රසිකයින්ට අමතක නැහැ.

අවස්ථා කිහිපයකදීම පිත්තෙන් සුවිශේෂී දක්ෂතා දැක් වූ අසේල පිතිකරණයේ දී තමන්ටම අවේනික වූ පහරවල් එල්ල කිරීමට ද නිරතුරුවම කටයුතු කරන බවක් ද දක්නට ලැබෙනවා.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී ඔහු නියෝජනය කරනු ලබන්නේ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමයි.

ටස්කර්ස් කණ්ඩායම අද(5) තරග බිමට පිවිසියේ කලම්බු කිංග්ස් කණ්ඩායමට එරෙහිව වන අතර, තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 105ක් ලබා ගත්තා.

එය මෙවර තරගාවලියේ දී කණ්ඩායමක් ලබා ගත් අවම ලකුණු සංඛ්‍යාවයි.

අසේල ගුණරත්න මහනුවර ඉනිම වෙනුවෙන් මෙම තරගයේ දී ලබා ගත්තේ ලකුණු 8ක් පමණයි.

කෙසේ වෙතත්, ඔහුගේ ඉනිමට එක් හතරේ පහරක් ඇතුළත් වූ අතර, එම හතරේ පහර බොහෝ දෙනෙකු පුදුමයට පත් කිරීමට සමත් වූ බවක් දක්නට ලැබෙනවා.

විශේෂයෙන්ම අදාළ පන්දුව යොමු කළ ඇන්ඩ්‍රි රසල් ද එම පහර සම්බන්ධයෙන් බොහෝ පුදුමයට පත් වූ බවක්, ඔහුගේ ප්‍රතිචාර තුළින් දර්ශනය වුණා.

අදාළ පහරෙහි දර්ශණ පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...