භානුක ලකුණකට දවා ගත් තිසරගේ සුපිරි උඩ පන්දුව

Date:

මෙවර පළමු වරට සංවිධාන කර ඇති ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග අඩකට පමණ ආසන්න සංඛ්‍යාවක් මේ වන විට පවත්වා අවසන්.

කෙසේ වෙතත්, තරගාවලිය පුරා සියලු ක්‍රීඩකයින් පන්දු රැකීමෙන් සැලකිය යුතු දක්ෂතාවයක් නොදැක්වීම බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු වූ කරුණක්.

එවැනි වාතාවරණයක් යටතේ වුව ද ඇතැම් අවස්ථාවලදී සුපිරි උඩ පන්දු කිහිපයක් රැක ගන්නා අයුරු ද අපට දැක ගත හැකි වුණා.

ඒ ආකාරයේ විශිෂ්ඨ උඩ පන්දු රැක ගැනීමක් තිසර පෙරේරා විසින් රැක ගන්නා අයුරු අද(3) තරගයේ දී දැක ගැනිමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට උදා වුණා.

ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ නායක තිසර මෙම දක්ෂ උඩ පන්දු රැක ගැනීම සිදු කළේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එරෙහිවයි.

ගාලු කණ්ඩායමේ නායක භානුක රාජපක්ෂගේ කඩුල්ල දවා ගැනීම සදහා තිසර පෙරේරා මෙම සුවිශේෂී දක්ෂතාවය දක්වනු ලැබුවා. (දර්ශන පහතින්)

භානුක රාජපක්ෂ මෙම තරගයේ දී එක් ලකුණකට දැවී ගිය අතර, මෙවර තරගාවලියේ දී ඔහු මේ දක්වා ඉනිම් 3කදී රැස් කර ගෙන ඇත්තේ ලකුණු 34ක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...