ජැෆ්නා ස්ටෑලියන්ස් අද සිට තවත් ශක්තිමත් වෙයි

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමග අවසන් වශයෙන් එක් වූ විදෙස් ක්‍රීඩකයා වන බටහිර ඉන්දීය කොදෙව් කඩුලු රකින පිතිකරු ජොන්සන් චාල්ස් මේ වන විට සිය නිරෝධායන කාල සීමාව සාර්ථකව අවසන් කර තිබෙනවා.

ඒ හේතුවෙන් අද සිට පැවැත්වෙන එල්.පී.එල් තරග සදහා ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරිමේ අවස්ථාව ඔහුට හිමි වන බවයි එම කණ්ඩායම නිවේදනය කළේ.

ඒ අනුව අද (03) පස්වරු 3.30 ට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමග පැවැත්වෙන තරගයේදී බොහෝ විට ඔහුගේ දක්ෂතා දැක බලා ගැනීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට උදා වනු ඇති.

ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ කඩුලු රකින පිතිකරු ටොම් මුවර්ස් තවමත් සැලකිය යුතු දක්ෂතාවයක් ප්‍රදර්ශනය කර නොමැති බැවින් ඔහු වෙනුවට ජොන්සන් චාල්ස් ආදේශ කිරීමට වැඩි ඉඩකඩක් පවතිනවා.

ප්‍රබල විදෙස් ක්‍රීඩකයන්ගෙන් සමන්විත ජැෆ්නා ස්ටැලිය්නස් කණ්ඩායම මෙවර තරග වාරයේ දී මෙතෙක් ක්‍රීඩා කළ තරග තුනම ජයග්‍රහණය කරමින් මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් වී තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...