අවිශ්කගේ 84 ජැෆ්නා ස්ටැලියන්ස් ආධිපත්‍ය තහවුරු කරයි – ගාල්ලට තවත් පරාජයක්

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අඛණ්ඩව වාර්තා කළ සිව්වන ජයග්‍රහනය ද වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ සිය ආධිපත්‍ය තවදුරටත් රැක ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අද(3) සමත් වුණා.

ඒ, මෙවර තරගාවලියේ 9 වන තරගයෙන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම කඩුලු 5කින් පරාජයට පත් කරමින්.

ගාලු කණ්ඩායම ලැබූ මෙම පරාජය මෙවර තරගාවලියේ දී ඔවුන් අඛණ්ඩව ලැබූ සිව්වන පරාජය වන අතර, ගාලු කණ්ඩායම මෙවර තරග වාරයේ දී මෙතෙක් කිසිදු තරගයක් ජය ගැනීමට සමත් වී නැහැ.

හම්බන්තොට අද පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායක භානුක රාජපක්ෂ තරගයේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

ඒ අනුව ගාලු කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 6ක් දැවී ලකුණු 170ක් ලබා ගනිමින්.

ධනුක්ෂ ගුණතිලක ලකුණු 56ක්, චැඩ්වික් වොල්ටන් ලකුණු 31ක්, අහ්සාන් අලී ලකුණු 29ක් රැස් කරමින් ගාලු ඉනිම ශක්තිමත් කළා.

SLC

අසාම් ඛාන් ලකුණු 25ක් ලබා ගත් අතර, නායක භානුක රාජපක්ෂට රැස් කර ගත හැකි වූයේ එක් ලකුණක් පමණයි.

පන්දු යැවීමේ දී වනිදු හසරංග ලකුණු 29කට කඩුලු 2ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම පන්දුවාර 19.4ක් අවසානයේ දී කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ අවිශ්ක ප්‍රනාන්දුගේ විශිෂ්ඨ පිතිහරඹයෙන් සවිමත් වෙමින්.

ඔහු පන්දු 59කින් ලකුණු 84ක් ලබා ගත්තේ හයේ පහර 5ක් සහ හතරේ පහර 7ක් සමගින්.

මිනෝද් භානුක පන්දු 26කින් ලකුණු 40ක් ලබා ගත් අතර, වනිදු හසරංග පන්දු 7කින් නොදැවී ලකුණු 17ක් රැස් කළේ අලංකාර හතරේ පහර 4ක් සමගින්.

SLC

පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු කඩුලු 2ක් බිද හෙලූ අතර, ෂෙහාන් ජයසූරිය, අකිල ධනංජය සහ ධනංජය ලක්ෂාන් ඒක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

මේ වන විට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම තමන් සහභාගී වූ සියලු තරග (4) ජය ගනිමින් ලබා ගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 8ක්.

ගාලු කණ්ඩායම මේ වන විට තමන් සහභාගී වූ තරග හතරම පරාජයට පත් වී ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේයි පසුවන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...