ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන අද සිය උපන් දිනය සමරනවා.
1977 වසරේ මැයි 27 වනදා උපන් ඔහු අද සමරනු ලබන්නේ සිය 43 වන උපන් දිනයයි.
උපන් දිනය වෙනුවෙන් මේ වන විට ලොව නන්දෙසින් ඔහුට සුබපැතුම් ලැබෙමින් පවතින අතර, පිටියේ දී සහ ඉන් පිටත මහේලගේ හොදම මිතුරෙකු වන හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ද ඒ අතර වනවා.
ට්විටර් පණිවිඩයකින් ඔහු මෙම සුබ පැතුම එක් කළ ද එහි විශේෂත්වය වන්නේ හාස්‍ය පිරුණු සුබ පැතුමක් බවට එය පත්වීම හේතුවෙන්.
ක්‍රිකට් ලොව බොහෝ පිරිසක් අතරමං කිරීමට ද මෙම සුබ පැතුම හේතු වී ඇති බව ඊට ලැබී ඇති ප්‍රතිචාර ඔස්සේ දැක ගත හැකියි.
මෙම සුබ පැතුමෙන් සංගක්කාර සදහන් කර ඇත්තේ මහේල ජයවර්ධන අද දිනයේ දී සිය 50 වන උපන් දිනය සමරන බවයි.
මේ අතර, මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය දරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ද මහේලගේ උපන් දිනයට සුබ පැතුම් එක් කර තිබෙනවා.
Happy 50th birthday @MahelaJay great milestone. Have a wonderful day. Many more to come.
— Kumar Sangakkara (@KumarSanga2) May 27, 2020
🏆 To many more trophies in Blue & Gold!
🎂 Happy birthday, MasterMInd 💙#OneFamily @MahelaJay pic.twitter.com/C2qJbC8fYI
— Mumbai Indians (@mipaltan) May 27, 2020

