20යි 20 ලෝක කුසලානය කල් දැමීමේ සූදානමක් නැහැ – ICC

Date:

ජගත් ක්‍රිකට් කවුන්සලයේ (අයි.සී.සී) වත්මන් සභාපති ශශාන්ක් මනෝහාර් තෙවැනි වරටත් ධූරයට පත් වීම සදහා තරග නොකරන බව අයි.සී.සීය අද(27) නිවේදනය කළා.

නව සභාපතිවරයා තෝරා ගන්නා ආකාරය සම්බන්ධයෙන් ඊයේ දිනයේ පැවැති අයි.සී.සී රැස්වීමේ දී ද සාකච්ඡා වී ඇතත්, නිළවරණය පැවැත්වෙන ආකාරය සම්බන්ධයෙන් අවසන් තීරණයකට එහිදී එළඹ නැහැ.

ඒ අනුව හෙට(28) පැවැත්වෙන මීළග අයි.සී.සී රැස්වීමේ දී ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.

තෙවන වරටත් ධූරයට පත් වීමට වත්මන් සභාපතිවරයා සූදානම් නොවූවද, නව සභාපතිවරයාට ධූරය භාර දෙන තුරු ජගත් ක්‍රිකට් කවුන්සලය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට ඔහු සූදානම්ව සිටින බව සදහන්.

මේ අතර, 2020 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය කල් දමන බවට පල වන වාර්තා අසත්‍ය බව ජගත් ක්‍රිකට් කවුන්සලය පවසනවා.

කොරෝනා වසංගත අර්බුදය හමුවේ තරගාවලිය පැවැත්විය හැකි ආකාර සම්බන්ධයෙන් සැලසුම් ගණනාවක් මේ වන විට අධ්‍යනය කරමින් සිටින බවයි අයි.සී.සීය නිකුත් කළ නිවේදනයේ සදහන් වන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...