මහේල සහ ක්‍රීඩා ඇමති අතර විශේෂ සාකච්ඡාවක්

Date:

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා අද(27) ක්‍රීඩා සහ අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා හමු වී තිබෙනවා.

එහිදී පාසල් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්ත්වය සහ එය දියුණු කළ හැකි ක්‍රමවේදය සම්බන්ධයෙන් මෙහිදී අමාත්‍යවරයා සහ මහේල ජයවර්ධන අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බව සදහන්.

ඉදි කිරීමට යෝජිත හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගනය සම්බන්ධයෙන් පසුගියදා අරලියගහ මන්දියේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේ දී ද මහේල මේ පිළිබද අවධානය යොමු කළා.

එහිදී ඔහු කියා සිටියේ පසුගිය වසර 15ක කාලය තුළ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කිසිවක් පරිපාලකයින් විසින් සිදු කර නොමැති බවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...