ක්‍රිකට් ලොව කළඹමින් සංගාගෙන් මහේලට ආ හාස්‍යජනක උපන් දින සුබ පැතුම

Date:

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන අද සිය උපන් දිනය සමරනවා.

1977 වසරේ මැයි 27 වනදා උපන් ඔහු අද සමරනු ලබන්නේ සිය 43 වන උපන් දිනයයි.

උපන් දිනය වෙනුවෙන් මේ වන විට ලොව නන්දෙසින් ඔහුට සුබපැතුම් ලැබෙමින් පවතින අතර, පිටියේ දී සහ ඉන් පිටත මහේලගේ හොදම මිතුරෙකු වන හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ද ඒ අතර වනවා.

ට්විටර් පණිවිඩයකින් ඔහු මෙම සුබ පැතුම එක් කළ ද එහි විශේෂත්වය වන්නේ හාස්‍ය පිරුණු සුබ පැතුමක් බවට එය පත්වීම හේතුවෙන්.

ක්‍රිකට් ලොව බොහෝ පිරිසක් අතරමං කිරීමට ද මෙම සුබ පැතුම හේතු වී ඇති බව ඊට ලැබී ඇති ප්‍රතිචාර ඔස්සේ දැක ගත හැකියි.

මෙම සුබ පැතුමෙන් සංගක්කාර සදහන් කර ඇත්තේ මහේල ජයවර්ධන අද දිනයේ දී සිය 50 වන උපන් දිනය සමරන බවයි.

මේ අතර, මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය දරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ද මහේලගේ උපන් දිනයට සුබ පැතුම් එක් කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...