කොරෝනා අර්බුදය හමුවේ ලෝක කුසලාන ගැන අයි.සී.සීය ගන්නා තීන්දුව මෙන්න

Date:

මෙම වසරේ පැවැත්විමට නියමිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022 වසර දක්වා කල් දැමීමට හෙට දිනයේ දී තීරණය කරනු ඇති බව වාර්තා වනවා.

හෙට(28) පැවැත්වෙන අයි.සී.සී රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර අවසන් තීන්දුවක් ගනු ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.

එමෙන්ම ලබන වසරේ ඉන්දියාවේ පැවැත්විමට නියමිත 20යි 20 ලෝක කුසලාන තරගාවලිය එලෙසින්ම පැවැත්වීම සම්බන්ධයෙන් ද ඊයේ(26) පැවැති අයි.සී.සී විධායක කමිටු රැස්වීමක දී එකගතාවයකට එළඹ ඇති බව ද සදහන්.

මෙවර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන ඔක්තෝම්බර් මාසයේ දී ඔස්ට්‍රේලයාවේ දී ආරම්භ වීමට නියමිතව ඇතත් එය මේ වන විට අර්බුදයකට ලක්ව ඇත්තේ ගෝලීය කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන්.

ඒ අනුව 20යි 20 ලෝක කුසලානය මෙම වසරේ දී නොපැවැත්වුණහොත් මේ වන විට දින නියමයක් නොමැතිව කල් දමා ඇති අයි.පී.එල් තරගාවලියේ 13 වන අදියර ඔක්තෝම්බර් මාසයේ දී ආරම්භ වීමට ඉඩ ඇති බව සදහන්.

ලබන වසරේ දී ද 20යි 20 ලෝක කුසලාන තරගාවලියක් ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිතව ඇති බැවින් මෙම වසරට නියමිත 20යි 20 ලෝක කුසලානය ලබන වසර දක්වා කල් දැමීමේ හැකියාවක් ද නැහැ.

මෙම වසරේ 20යි 20 ලෝක කුසලාන තරගාවලිය ලබන පෙබරවාරි මාසය දක්වා කල් දැමීමේ සූදානමක් පිළිබද මීට පෙර සාකච්ඡා වුවද ලබන වසරේ දී ලෝක කුසලාන තරගාවලි දෙකක් සංවිධාන කිරීම සදහා මේ වන විට ව්‍යාපාරික ලෝකයේ සූදානමක් නොමැති බවයි වාර්තා වන්නේ.

මෙම වසරේ ඔක්තෝම්බර් මාසයේ දී අයි.පී.එල් තරගාවලිය පැවැත්වුණහොත්, එතැන් සිට මාස 6ක් වැනි කාලයක දී ලබන වසරේ අයි.පී.එල් තරගාවලිය ආරම්භ වන බැවින්, 2021 වසරේ දී 20යි 20 ලෝක කුසලාන තරගාවලි ද දෙකක් සංවිධාන කිරීම ඔස්සේ විකාශන කටයුතු සදහා සුදුසු පරිසරයක් බිහි නොවන බවයි ස්ටාර් ස්පෝර්ස් ආයතනය පෙන්වා දෙන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...