2021 ලෝක කුසලානය ඉන්දියාවට අහිමි කරන බවට අයි.සී.සී යෙන් අනතුරු ඇගවීමක්

Date:

2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ඉන්දියාවට අහිමි කරන බවට ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) අනතුරු ඇගවීමක් සිදු කර තිබෙනවා.

ඒ, බදු සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුව මෙතෙක් විසදා ගැනීමට ඉන්දීය ක්‍රිකට් ආයතනයට නොහැකි වීම හේතුවෙන්.

තරගාවලිය සදහා ඉන්දීය රජයෙන් බදු නිදහස් කර ගැනීමට එරට ක්‍රිකට් ආයතනයට මෙතෙක් හැකි වී නොමැති බව සදහන්.

මේ සම්බන්ධයෙන් පසුගිය මාස දෙකක කාලය තුළ දෙපාර්ශවය අතර ඊ මේල් පණිවිඩ ඔස්සේ දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇති බවයි ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කළේ.

පසුගිය 18 වනදා වන විට මෙම ගැටලුව සදහා කොන්දේසි විරහිත තහවුරු කිරීමක් ලබා දිය යුතු බවට ඉන්දීය ක්‍රිකට් ආයතනය වෙත ජගත් ක්‍රිකට් කවුන්සලය දැනුම් දී තිබුණා.

කෙසේ වෙතත්, කොරෝනා වසංගත අර්බුදය හේතුවෙන් එම දිනය අවම වශයෙන් ජූනි 30 වනදා දක්වා දීර්ඝ කරන ලෙසයි ඉන්දීය ක්‍රිකට් ආයතනය අයි.සී.සීයෙන් ඉල්ලා සිටියේ.

නමුත් එය ජගත් ක්‍රිකට් කවුන්සලය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...