ධනුෂ්කගේ 82(53) අපතේ යවමින් කැන්ඩි ටස්කර්ස් පළමු ජය ලබයි

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිය පළමු ජය වාර්තා කිරීමට කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම අද(30) සමත් වුණා.

ඒ, මෙවර තරග වාරයේ 6 වැනි තරගයෙන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 25කින් පරාජයට පත් කරමින්.

හම්බන්තොට පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 196ක් ලබා ගත්තේ බ්‍රෙන්ඩන් ටේලර් නොදැවී රැස් කළ ලකුණු 51න් සහ කුසල් මෙන්ඩිස් ලබා ගත් ලකුණු 49න් ශක්තිමත් වෙමින්.

පන්දු 30කින් වාර්තා වූ මෙන්ඩිස්ගේ ඉනිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 2ක් ඇතුළත්.

බ්‍රෙන්ඩන් ටේලර් සිය ලකුණු 51ක් ලබා ගත්තේ පන්දු 35කදී හයේ පහරක් සහ හතරේ පහර 7ක් ඉනිමට එක්කරමින්.

පන්දු යැවීමේ දී ලක්ෂාන් සදකැන් කඩුලු 2ක් බිද හෙලුවා.

ලකුණු 197ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසන් කිරීමට සිදූ වූයේ කඩුලු 7ක් දැවී ලකුණු 171ක් ලබා ගනිමින්.

සෙසු පිතිකරුවන්ගෙන් ගාලු ඉනිමට සැලකිය යුතු දායකත්වයක් හිමි නොවූ අවස්ථාවක හුදෙකලා සටනක නිතර වූ ධනුෂ්ක ගුණතිලක පන්දු 53කින් ලකුණු 82ක් ලබා ගත්තේ හයේ පහරක් සහ හතරේ පහර 13ක් සිය ඉනිමට එක්කරමින්.

නායක ශහිඩ් අෆ්රිඩි පළමු පන්දුවෙන්ම දැවී යාම විශේෂත්වයක්.

පන්දු යැවිමේ දී මුනාෆ් පටෙල්, සීක්කුගේ ප්‍රසන්න, දිල්රුවන් පෙරේරා , අසේල ගුණරත්න සහ නවීන් උල් හක් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

අසේල මෙම තරගයේ දී නිලකුණු පන්දුවාරයක් ද යොමු කළ අතර, එය මෙවර තරගාවලියේ පළමු නිලකුණු පන්දුවාරය ලෙසටයි සටහන් වුණේ.

මේ අතර, මෙම තරගයේ දී කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ නවීන් උල් හක් සහ ගාලු කණ්ඩායමේ මොහොමඩ් අමීර් අතර යම් උණුසුම් වචන හුවමාරුවක් ද සිදු වනු දක්නට ලැබුණා.

තරගයෙන් පසුව ශහිඩ් අෆ්රිඩි ද ඊට ප්‍රතිචාර දක්වා සිටියේ නවීන් උල් හක් සමග වචන හුවමාරුවක නිරත වෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...