තිසර 97* (44) – ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට පෙරළිකාර ජයක්

Date:

තිසර පෙරේරාගේ විශිෂ්ඨ පිතිහරඹය හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 5 වන තරගයෙන් ලකුණු 66ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අද(30) සමත් වුණා.

ඔවුන් හමුවේ හම්බන්තොට පැවැති තරගයේ දී පරාජයට පත් වූයේ දඹුල්ල වයිකින්ග් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ දඹුල්ල කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 218ක් ලබා ගත්තා.

ඉනිමේ මුල් පෙල පිතිකරුවන්ගෙන් සාර්ථක දායකත්වයක් ඉනිමට නොලැබුණු අතර, නායක තිසර පෙරේරා අංක 7 පිතිකරු ලෙස පිටියට පිවිසෙන විට යාපනය ඉනිම දැක් වු‍ණේ කඩුලු 5කට ලකුණු 64ක් ලෙසයි.

ඉනිමේ සියලු බර සිය කර මතට ගත් තිසර විශිෂ්ඨ ඉනිමක් දියත් කළේ පන්දු 44කින් නොදැවී ලකුණු 97ක් රැස් කරමින්.

ඔහුගේ ඉනිමට හයේ පහර 7ක් සහ හතරේ පහර 8ක් ඇතුළත්.

චතුරංග ද සිල්වා ලකුණු 29ක් සහ වනිදු හසරංග ලකුණු 24ක් ලබා ගනිමින් ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී සමිත් පටෙල් ලකුණු 26කට කඩුලු 2ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල වයිකින්ග් කණ්ඩායමට පන්දුවාර 19.1ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 152ක් පමණයි.

සමිත් පටෙල් ලකුණු 41ක් සහ නායක දසුන් ශානක ලකුණු 35ක් රැස් කළා.

පන්දු යැවීමේ දී උස්මාන් ශින්වාරි ලකුණු 16කට කඩුලු 3ක් බිද හෙලූ අතර, බිනුර ප්‍රනාන්දු සහ තිසර පෙරේරා කඩුලු 2 බැගින් බිද හෙලුවා.

තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ ද තිසර පෙරේරායි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...