මලාන්ගේ අර්ධ ශතකයෙන් තරගාවලියේ ජය එංගලන්තයට

Date:

දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදී ම  ජය ගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ, දෙරට අතර අද(29) පැවැති දෙවන තරගයෙන් ඔවුන් කඩුලු 4ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

Paarl හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 6ක් දැවී ලකුණු 146ක් රැස් කළා.

ඒ, නායක ක්වෙන්ටන් ඩී කොක් ලබා ගත් ලකුණු 30න් සහ ජෝර්ජ් ලින්ඩ (George Linde) ලබා ගත් ලකුණු 29න් ශක්තිමත් වෙමින්.

රසී වැන් ඩර් ඩුසේන් නොදැවී ලකුණු 25ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී එංගලන්තය වෙනුවෙන් අඩිල් රෂීඩ් ලකුණු 23කට කඩුලු 2ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය පන්දුවාර 19.5ක් අවසානයේ කඩුලු 6ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ඩේවිඩ් මලාන් ලකුණු 55ක් සහ ඔයින් මෝර්ගන් නොදැවී ලකුණු 26ක් රැස් කරමින් එංගලන්තයේ ජය තහවුරු කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී ටබ්රයිස් ශම්සි කඩුලු 3ක් සහ ලුන්ගි එන්ගිඩී කඩුලු 2ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...