ගුරුසිංහ ජාතික කණ්ඩායමක ප්‍රධාන පුහුණුකරු වෙයි

Date:

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම හිටපු ක්‍රිකට් කළමණාකරුවෙකු වන අසංක ගුරුසිංහ මහතා නයිජීරියා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා.

ඊට අමතරව ඉහළ කාර්යය සාධන කළමණාකරු (high-performance manager) ලෙස ද ඔහුව පත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

එළඹෙන දෙසැම්බර් පළමු වැනිදා සිට අසංක ගුරුසිංහ මහතා සිය නව ධූරයේ වැඩ භාර ගැනීමට නියමිතයි.

1996 ලෝක කුසලානය ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙකු ලෙස ද අසංක ගුරුසිංහ මහතා කටයුතු කළා.

අවසන් තරගයේ දී ලකුණු 65ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවට ලෝක ශුරතාවය ජය ගැනීම සදහා මග පාදා දුන් ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 41කට සහ එක්දින තරග 147කට ක්‍රීඩා කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...