ඕෂදට සතියක් ක්‍රිකට් අහිමි වෙයි

Date:

දඹුල්ල වයිකින්ග් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඕෂද ප්‍රනාන්දුට සතියක කාලයක් විවේක ගැනීමට වෛද්‍ය උපදෙස් ලැබී ඇති බව එම කණ්ඩායම අද තහවුරු කළා.

ඒ, ඔහු ඊයේ(28) කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේ දී පාදයක ආබාධයකට ගොදුරු වීම හේතුවෙන්.

පිතිකරණයේ නිරතව සිටියදී ඔහු මෙම ආබාධයට ලක් වූ අතර, ඒ හේතුවෙන් ඔහුට ලකුණු 10ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වීමට ද සිදු වුණා.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ දඹුල්ල කණ්ඩායම ඉදිරියේ දී ක්‍රීඩා කරන තරග කිහිපයක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව මෙම ආබාධය හේතුවෙන් ඔහුට අහිමි වනු ඇති.

ගාල්ලේ පිහිටි පෞද්ගලික රෝහලකින් එම්.ආර්.අයි. ස්කෑන් පරීක්ෂණයට මුහුණ දුන් ඕෂද ප්‍රනාන්දු මේ වන විට කණ්ඩායම නවාතැන් ගෙන සිටින හම්බන්තොට ෂැන්ග්‍රිලා හෝටලයේම නවාතැන් ගෙන සිටින බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...