විශිෂ්ඨ උඩ පන්දු රැක ගැනීම් දෙකක් හමුවේ ඉන්දියාවට තරගාවලි පරාජයක්

Date:

ඉන්දියාව සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද (29) සමත් වුණා.

ඒ, සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති දෙවැනි එක්දින තරගයෙන් ඔවුන් ලකුණු 51 ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව පළමු තරගයේදී මෙන්ම දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළේ ස්ටීව් ස්මිත්ගේ ශතකයෙන් සවිමත් වෙමින්.

පළමු තරගයේ දී ද ශතකයක් වාර්තා කළ ස්මිත් මෙම ඉනිමේ දී රැස් කළ ලකුණු සංඛ්‍යාව 104ක්.

ඩේවිඩ් වෝනර් ලකුණු 83ක්, නායක ආරෝන් ෆින්ච් ලකුණු 60ක් සහ මර්නස් ලබුෂේන් ලකුණු 70ක් ලබා ගත් අතර, ග්ලේන් මැක්ස්වෙල් පන්දු 29කින් නොදැවී ලකුණු 63ක් ලබා ගත්තා.

මැක්ස්වෙල්ගේ වේගවත් ඉනිමට හයේ පහර සහ හතරේ පහර 4 බැගින් ඇතුළත්.

ඒ අනුව ඔස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 50 අවසන් කළේ කඩුලු 4ක් දැවී ලකුණු 389ක් ලබා සිටියදීයි.

ඕස්ට්‍රේලියා කණ්ඩායම ලබා දුන් ලකුණු 390 ක දැවැන්ත ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ඉන්දියාව යම් සාර්ථක ආරම්භයක් ලබා ගත්ත ද ලකුණු පුවරුව 60 ක්ව තිබිය දී ආරම්භ පිතිකරු යුගලය යළි ක්‍රීඩාගාරයට හරවා යැවීමට ඕස්ට්‍රේලියා පන්දුයවන්නන් සමත් වුණා.

ඉන්දිය ප්‍රේක්ෂකයන් හට බලාපොරොත්තුවක් ලබාදෙමින් තෙවැනි කඩුල්ල වෙනුවෙන් නායක විරාට් කෝලි සහ ෂ්රෙයස් අයියර් අතර ලකුණු 93ක සබදතායක් ගොඩ නැගුණු අතර, සිව්වන කඩුල්ල සදහා කෝලි සහ කේ.එල් රාහුල් අතර ලකුණු 72ක සබදතාවයක් ගොඩ නැගුණා.

එම සබදතා ද්විත්වයම බිද වැටුණේ ඔස්ට්‍රේලියානු පන්දු රකින්නන්ගේ සුපිරි උඩ පන්දු රැක ගැනීම් දෙකකින් වීම විශේෂත්වයක්.

එක්දින ක්‍රිකට් පිටියේ 44 වන ශතකය ආසන්නයේ රැදී සිටි විරාට් කෝලී ලකුණු 89 කට දැවී ගියේ ජෝෂ් හේසල්වුඩ් යොමු කළ පන්දුවකට කෝලි ලබා දුන් උඩ පන්දුවක් මොයිසස් හෙන්රික්ස් විසින් විශිෂ්ඨ අන්දමින් රැකගැනීමත් සමගයි.


තරගය ජයග්‍රහණයකින් නිමා කිරීමට ලෝකේශ් රාහුල් දැරූ උත්සහායත් ව්‍යාර්ථ වුණේ ඔහු ලකුණු 76 කට දැවී යාමත් සමගයි.

පන්දු යැවීමේ දී පැට් කමින්ස් කඩුලු 3ක් බිද හෙලූ අතර, ජොෂ් හේසල්වුඩ් සහ ඇඩම් සම්පා අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

දෙරට අතර පැවැත්වෙන අවසන් එක්දින තරගය ලබන දෙවනදා කැන්බරා හී දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...