පිලිප්ස් කොදෙව්වන් අන්ත අසරණ කරයි – නවසීලන්තයට ලකුණු 72ක දැවැන්ත ජයක්

Date:

සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමගින් පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලියේ දෙවන තරගයෙන් ලකුණු 72 ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම අද(29) සමත් වුණා.

මවුන්ට් මන්ගනුයි (Mount Maunganui) ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් කොදෙව් නායක කිරන් පොලාඩ් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට නවසීලන්තයට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි නවසීලන්තය දැවැන්ත පිතිප්‍රහාරයක් දියත්කරමින් නියමිත පන්දුවාර 20 අවසානයේ දී කොදෙව්වන් වෙත ලකුණු 239 ක ඉලක්කයක් ලබා දීමට සමත් වුණා.(238/3)

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ග්ලේන් පිලිප්ස් සිය මංගල විස්සයි විස්ස ශතකය වාර්තා කිරීමට සමත් වුණේ පන්දු 51 කදී ලකුණු 108 ක් ලබා ගනිමින්.

ඔහුගේ ඉනිම හයේ පහරවල් 8 ක් හා හතරේ පහරවල් 10 කින් වර්ණවත් වුණා.

ඩෙවෝන් කෝන්වේ පන්දු 37 කදී නොදැවී ලකුණු 65 ක් රැස් කළ අතර, මාර්ටින් ගප්ටිල් පන්දු 23 කදී ලකුණු 34 ක් රැස්කළා.

පන්දු යැවීමේදී ඔශේන් තෝමස්, ෆේබියන් ඇලන් හා කිරන් පොලාඩ් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ලකුණු 239 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය කොදෙව් පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9 ක් දැවී රැස්කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 166 ක් පමණයි.

නායක කිරන පොලාඩ් පන්දු 15 කදි ලකුණු 28 ක් රැස් කළ අතර, කිමෝ පෝල් නොදැවී ලකුණු 26 ක් රැස් කළා.

පන්දු යැවීමේදී මිචෙල් සැන්ට්නර් හා ‍කෙයිල් ජමිසන් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

මෙම ජයග්‍රහනයත් සමග තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමත්වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...