අෆ්රිඩිගේ වේගවත් ඉනිම අවිශ්කගේ සුපිරි ඉනිම හමුවේ අපතේ යයි

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අද(27) සමත් වුණා.

හම්බන්තොට පැවැති තරගයේ දී ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ගාලු කණ්ඩායමේ නායක ශහිඩ් අෆ්රිඩි පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව ඔවුන් කඩුලු 8ක් දැවී ලකුණු 175ක් ලබා ගත්තේ ශහිඩ් අෆ්රිඩි පන්දු 23කින් වාර්තා කළ වේගවත් ලකුණු 58න් ශක්තිමත් වෙමින්.

ඔහුගේ ඉනිම හයේ පහර 6කින් සහ හතරේ පහර 3කින් වර්ණවත් වෙද්දී ගාලු ඉනිම වෙනුවෙන් ධනුෂ්ක ගුණතිලක ද ලකුණු 38ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ඩුවාන් ඔලිවියර් ලකුණු 44කට කඩුලු 4ක් බිද හෙලූ අතර, වනිදු හසරංග ලකුණු 12ක් පමණක් ලබා දී කඩුලු 2ක් බිද හෙලුවා.

SLC

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම පන්දුවාර 19.3ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ අවිශ්ක ප්‍රනාන්දු පන්දු 63 කින් ලකුණු 92ක් රැස් කළේ හයේ පහර 7ක් ද ඉනිමට එක් කරමින්.

Jaffna Stallions

ෂොයිබ් මලික් නොදැවී ලකුණු 27ක් ලබා ගත් අතර, ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ලට ගොඩ නැගුණු නොබිදුණු සබදතාවය ලකුණු 110ක්.

පන්දු යැවීමේ දී මොහොමඩ් අමීර් සහ මොහොමඩ් ශිරාස් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේ අවිශ්ක ප්‍රනාන්දු.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...