LPL හතරේ සීමාවේ දුර ගැන ක්‍රිකට් ආයතනයෙන් පැහැදිලි කිරීමක්

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී යොදා ගෙන ඇති හතරේ සීමාවේ දුර ප්‍රමාණය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල බව තරගාවලි සංවිධායකයින් පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ යාර 70ක දුර ප්‍රමාණයක් තණතීරුවේ සිට හතරේ සීමාව දක්වා පවත්වා ගැනීමට මෙවර තරගාවලියේ දී කටයුතු කරන බවයි.

එය ජාත්‍යන්තර ක්‍රිකට් ප්‍රමිතීන්ට අනුකූල බව තරගාවලි සංවිධායකයින් සදහන් කරනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල නීති ප්‍රකාරව තණතීරුවේ සිට හතරේ සීමාව දක්වා වන අවම දුර ප්‍රමාණය යාර 65ක් විය යුතුයි.

උපරිමය යාර 90ක් දක්වා පවත්වා ගත හැකි වනවා.

තරගාවලියට යොදා ගෙන ඇති හතරේ සීමාවේ දුර සම්බන්ධයෙන් තරගාවලි සංවිධායකයින් මෙලෙස මාධ්‍ය නිවේනයක් නිකුත් කරමින් පැහැදිලි කිරීමට පියවර ගෙන ඇත්තේ එම දුර ප්‍රමාණයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් පාර්ශව රැසක් විවේචන එල්ල කිරීම හේතුවෙන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...