එංගලන්තයෙන් 20යි 20ට ජයග්‍රාහී ආරම්භයක්

Date:

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම මෙරට වේලාවෙන් අද(28) අලුයම සමත් වුණා.

ඒ, පළමු 20යි 20 තරගයෙන් ඔවුන් කඩුලු 5ක ජයක් වාර්තා කරමින්.

කේප් ටවුන්හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 6ක් දැවී ලකුණු 179ක් ලබා ගත්තා.

ෆෆ් ඩු ප්ලෙසිස් ලකුණු 58ක්, රසී වැන් ඩර් ඩුසේන් ලකුණු 37ක් රැස් කරමින් ඉනිම ශක්තිමත් කළ අතර, පන්දු යැවීමේ දී සෑම් කරන් ලකුණු 28කට කඩුලු 3ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කලේ පන්දුවාර 19.2ක් අවසානයේ දීයි.

ජොනී බෙයාර්ස්ටව් පන්දු 48කින් නොදැවී ලකුණු 86ක් රැස් කළේ හයේ පහර 4ක් සහ හතරේ පහර 9ක් සමගින්.

බෙන් ස්ටොක්ස් ලකුණු 37යි.

පන්දු යැවීමේ දී මංගල 20යි 20 ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ ජෝර්ඩ් ලින්ඩ (George Linde) සහ ලුන්ගි එන්ගිඩී කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...