අවිශ්කගේ සුපිරි ඉනිම සහ දෙවැනි තරගයේ විශේෂ අවස්ථා

Date:

පළමු වරට සංවිධාන කර ඇති ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය තිසර පෙරේරා නායකත්වය දරන ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට කඩුලු 8ක ජයක් හිමි කර දෙමින් ඊයේ(27) නිමාවට පත් වුණා.

හම්බන්තොට පැවැති තරගයේ දී ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ ශහිඩ් අෆ්රිඩි නායකත්වය දරන ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමයි.

ALSO READ : Match Report

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ගාලු කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 175ක් ලබා ගත්තේ ශහිඩ් අෆ්රිඩි පන්දු 23කින් වාර්තා කළ වේගවත් ලකුණු 58න් ශක්තිමත් වෙමින්.

ඔහුගේ ඉනිම හයේ පහර 6කින් සහ හතරේ පහර 3කින් වර්ණවත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම පන්දුවාර 19.3ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළ‍ේ අවිශ්ක ප්‍රනාන්දු පන්දු 63 කින් ලබා ගත් ලකුණු 92 න් සවිමත් වෙමින්.

ඔහුගේ ඉනිමට හයේ පහර 7ක් සහ හතරේ පහර 5ක් ඇතුළත්.

මේ අතර, තරගාවලියේ තෙවැනි සහ සිව්වන තරග අද පැවැත්වීමට නියමිතයි.

පස්වරු 3.30ට ආරම්භ වන තෙවැනි තරගයේ දී දඹුල්ල සහ මහනුවර කණ්ඩායම් එකිනෙකා මුණගැසෙන අතර, රාත්‍රී 8ට ආරම්භ වන සිව්වන තරගයේ දී ගාලු කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම තරග වදිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...