කැන්ඩි ටස්කර්ස් අද අර්බුදයක

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද පැවැත්වෙන තෙවැනි තරගයේ දී කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකු සමගින් පමණක් ක්‍රීඩා කරනු ඇති බව වාර්තා වනවා.

ඒ, පසුගියදා පැවැති තරගයේ දී ඉර්ෆාන් පතාන් ආබාධයකට ලක්වීම හේතුවෙන්.

ඒ අනුව අද දඹුල්ල වයිකින්ග් කණ්ඩායමට එරෙහි තරගය සදහා ක්‍රීඩා කිරීමට අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ විදෙස් ක්‍රීඩකයින් සංඛ්‍යාව 2ක්.

බ්‍රෙන්ඩන් ටේලර් සහ මුනාෆ් පටෙල් තවමත් නිරෝධායන කාලසීමාව ගත කර අවසන්ව නොමැති වීම හේතුවෙන් ඔවුන් දෙදෙනාට අද තරගය සදහා ක්‍රීඩා කිරීමට හැකි වන්නේ නැහැ.

සොහයිල් තන්වීර් කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බැවින් ඔහුට ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද අහිමි වන අතර, කැන්ඩි ටස්කර්ස් සංචිතයට එක් වූ දකුණු අප්‍රිකානු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන් මෙතෙක් දිවයිනට පැමිණ නැහැ.

එල්.පී.එල් තරගාවලියේ නීති ප්‍රකාරව විදෙස් ක්‍රීඩකයින් සිව් දෙනෙකුට එක් තරගයක් සදහා කණ්ඩායමක් වෙනුවෙන් ක්‍රීඩා කළ හැකියි.

කණ්ඩායමකට ක්‍රීඩා කළ යුතු අවම විදෙස් ක්‍රීඩකයින් සංඛ්‍යාව 3ක්.

කැන්ඩි ටස්කර්ස් සහ දඹුල්ල වයිකින්ග් කණ්ඩායම් අතර තරගය අද පස්වරු 3.30ට හම්බන්තොට දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...