“ඔවුන්ට ක්‍රීඩා කළ හැකිදැයි සහතිකයක් දෙන්න බැහැ” – LPL සෞඛ්‍ය අධ්‍යක්ෂ

Date:

කොරෝනා වෛරසය ආසාදනය වූ බවට මෙරටට පැමිණීමෙන් පසුව හදුනා ගැණුනු කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ පාකිස්තාන ක්‍රීඩක සොහයිල් තන්වීර්ට සහ කලම්බු කිංග්ස් කණ්ඩායමේ කැනඩා ක්‍රීඩක රවීන්දපාල් සිංට මෙවර එල්.පී.එල් තරගාවලියට එක්වීමේ අවස්ථාව ඉතා අවම මට්ටමක පවතින බව තරගාවලියේ සෞඛ්‍ය අධ්‍යක්ෂ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසනවා.

කොළඹ අද (24) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සදහන් කළේ වෛරසය ආසාදනය වූවන් අනිවාර්යයෙන්ම දින 14ක කාලයක් නිරෝධායනයට ලක්විය යුතු බවයි.

එමෙන්ම රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන පුද්ගලයින්ගෙන් දින 10කට පසුව කොරෝනා වෛරසය වෙනත් පුද්ගලයින්ට ආසාදනය නොවන බව අණාවරණය කරගෙන තිබීම සම්බන්ධයෙන් ද මෙහිදී මහාචාර්යවරයා සිහිපත් කර සිටියා.

මේ වන විට කොරෝනා වෛසරය ආසාදනය වී ඇති ක්‍රීඩකයින් දෙදෙනාට ද රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැහැ.

කෙසේ වෙතත්, අදාළ ක්‍රීඩකයින්ට මෙවර තරගාවලියට සහභාගී විය හැකි ද යන්න සම්බන්ධයෙන් මෙම අවස්ථාවේ නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවත්, තරගාවලියට එක්වීම සදහා ඔවුන් දෙදෙනාට පවතින අවස්ථාව ඉතා අවම බවත්,  මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සදහන් කළා.

වෛරසය ආසාදනය වූවන් දෙදෙනා ගත කරන දින 14ක නිරෝධායන කාලය අවසන් වුව ද ඔවුන්ට තරග කිරීමේ අවස්ථාව ලබා දිය හැකි ද යන්න පිළිබද සහතිකයක් ලබා දිය නොහැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ලබන 30 වනදා පමණ වන විට සොහයිල් තන්වීර්ට සහ රවීන්දපාල් සිංට වෛරසය ආසාදනය වී දින 10ක කාලයක් ගත වී අවසන් වනවා.

ඒ අනුව මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් අදියරේ තරග සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව අදාළ ක්‍රීඩකයින් දෙදෙනාට බොහෝ විට හිමි වීමට ද ඉඩ තිබෙනවා.

ඔවුන් සම්බන්ධයෙන් අවසන් තීරණය තරගාවලි සංවිධායකයින් විසින් ඉදිරියේ දී ගැනීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...