LPL තරගාවලියට පැමිණි පාකිස්තාන ක්‍රීඩකයෙකුටත් කොරෝනා

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා දිවයිනට පැමිණි පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක සොහයිල් තන්වීර්ට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි වාර්තා වනවා.

ඔහු මෙවර තරගාවලියේ දී කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමයි නියෝජනය කිරීමට නියමිතව ඇත්තේ.

තන්වීර් ඊයේ දිනයේ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, එල්.පී.එල් තරගාවලිය සදහා පැමිණි ක්‍රීඩකයින් අතරින් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හදුනා ගැණුනු දෙවැනි විදෙස් ක්‍රීඩකයා වන්නේ ඔහුයි.

කලම්බු කිංග්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටින කැනඩා ක්‍රීඩක රවීන්දපාල් සිං ද කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බවට මීට පෙර හදුනා ගැණුනා.

කෙසේ වෙතත්, රවීන්දපාල් සිං සමග එකම ගුවන් යානයේ සහ බස් රථයේ පැමිණි ඇන්ඩ්‍රි රසල් ඇතුළු සෙසු ක්‍රීඩකයින්ට මේ තුළින් බලපෑමක් එල්ල වී නොමැති බවයි තරගාවලියේ සංවිධායකයින් වන IPG සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී අනිල් මොහාන් ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවියට සදහන් කර ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...