“ලංකාවෙ ක්‍රිකට් LPL වෙනස් කරාවි, දක්ෂයින්ගේ හිගයක් නැහැ” පතාන් LPL ගැන කියූ දේ

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ මුහුණුවර වෙනස් කරනු ඇති බව කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඉන්දියාවේ ඉර්ෆාන් පතාන් පවසනවා.

එල්.පී.එල් තරගාවලිය මෙරට යොවුන් ක්‍රීඩකයින්ට ඉතා වැදගත් වනු ඇති බවත්, විවිධ අවස්ථා මෙන්ම අත්දැකීම් රැසක් ලබා ගැනීමේ අවස්ථාව තරගාවලිය තුළින් හිමි වන බවත් ඔහුගේ මතයයි.

ඒ ඔස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ද මේ වන විට පවතින තත්ත්වයෙන් ඉහළ තැනකට ගමන් කරනු ඇති බව ඔහු පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකාව තුළ දක්ෂ ක්‍රීඩකයින්ගේ කිසිදු හිගයක් නොමැති බවත්, සිය අත්දැකීම් යොවුන් ක්‍රීඩකයින් සමග බෙදා ගැනීමට තමා අපේක්ෂාවෙන් පසුවන බවත්, ඉර්ෆාන් පතාන් වැඩිදුරටත් සදහන් කර සිටියා. (දර්ශන නැරඹිම සදහා මෙතන ක්ලික් කරන්න)

තරුණ ක්‍රීඩකයින්ට සිය දක්ෂතා පිළිබද දැඩි විශ්වාසයක් තරගාවලිය ඔස්සේ ඇති කරගත හැකි බවයි ඔහු කියා සිටියේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...