LPL විනිසුරු සහ තරග තීරක මඩුල්ල නිවේදනය කෙරේ

Date:

My 11 Circle ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ විනිසුරු සහ තරග තීරක මඩුල්ල අද(20) නිල වශයෙන් නිවේදනය කෙරුණා.

ඒ අනුව අයි.සී.සී ප්‍රධාන තරග තීරකවරයා වන රංජන් මඩුගල්ල මහතා ද මෙවර එල්.පී.එල් තරගාවලියේ තරග තීරකවරයෙකු ලෙස එක්වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඔහු 1999, 2003, 2015 සහ 2019 යන අයි.සී.සී එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියන්හි අවසන් මහා තරගවලද තරග තීරකවරයා ලෙස කටයුතු කළ අත්දැකීම් බහුල තරග තීරකවරයෙක්.

එමෙන්ම ජාත්‍යන්තර තරග විනිසුරුවරයෙකු වන (Elite Panel Umpire) කුමාර ධර්මසේන ද එල්.පී.එල් තරගාවලියේ දී විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරනු ඇති.

තරග තීරකවරුන් ලෙස ග්‍රැහැම් ලැබ්‍රෝයි, වෙන්ඩෙල් ලැබ්‍රෝයි සහ මනෝජ් මෙන්ඩිස් ද එක් වන බව සදහන්.

දෙවරක් වසරේ හොදම ජාත්‍යන්තර විනිසුරු ලෙස අයි.සී.සී සම්මානයෙන් පිදුම් ලැබූ කුමාර ධර්මසේනට අමතරව තවත් විනිසුරුවරුන් 10 දෙනෙකු ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී විනිසුරුවරුන් ලෙස කටයුතු කිරීමට නියමිතයි.

රුචිර පල්ලියගුරුගේ, රවීන්ද්‍ර විමලසිරි, ලින්ඩන් හැනිබල්, ප්‍රගීත් රඹුක්වැල්ල යන අයි.සී.සී විනිසුරුවරුන් ද තරගාවලියට එක්වනු ඇති.

ඔවුන්ට අමතරව දීපාල් ගුණවර්ධන, හේමන්ත බොතේජු, කීර්ති බණ්ඩාර, අසංග ජයසූරිය, රෝහිත කොට්ටහච්චි සහ රවීන්ද්‍ර කොට්ටහච්චි යන විනිසුරුවරුන් ද තරගාවලිය සදහා එක්වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...