තවත් ක්‍රිකට් ලෝක කුසලානයක් කල් යයි

Date:

2022 අයි.සී.සී කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මාස 3කින් කල් දැමීමට ජගත් ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව තරගාවලිය 2023 වසරේ පෙබරවාරි මාසයේ දී (9-26) දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිතයි.

නවසීලන්තයේ පැවැත්වීමට නියමිතව තිබූ 2021 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය කොරෝනා වසංගතයේ බලපෑම හේතුවෙන් 2022 වසර දක්වා කල් දැමීමට සිදු වීම පදනම් කර ගනිමින් මෙම තීරණය ගෙන තිබෙනවා.

එහිදී 2022 වසරේ දී ගෝලීය මට්ටමේ කාන්තා තරගාවලි තුනක් පැවැත්වීමට සිදු වූ බැවින්, ඉන් එක් තරගාවලියක් වූ 20යි 20 ලෝක කුසලානය මෙලෙස මාස 3කින් 2023 වසර දක්වා කල් දමා ඇති බව සදහන්.

නව තරග කාලසටහනට අනුව 2022 වසරේ දී පැවැත්වෙන්නේ කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වයි.

මීට පෙර 2023 වසරේ දී කිසිදු ගෝලීය මට්ටමේ කාන්තා ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට සැලසුම් කර තිබුණේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...