මාස 8කින් පුහුණුවක් නොලැබූ මාලිංග LPL ගැන තවමත් දෙගිඩියාවෙන්

Date:

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන්නේ ද යන්න සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයේ දී තීරණය කරන බව ශ්‍රී ලංකා 20යි 20 නායක සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා.

newswire වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

ලසිත් මාලිංග මේ වන විට මාස 8ක පමණ කාලයකින් පුහුණුවීම් සිදු කර නැහැ.

සිය පියාගේ අසනීප තත්ත්වය හේතුවෙන් නිමා වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ද ඔහු එක්වූයේ නැහැ.

කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි ක්‍රිස් ගේල් ද එල්.පී.එල් තරගාවලියට එක් නොවන බව ඊයේ තහවුරු කෙරුණා.

මේ අතර,  ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් කලම්බු කිංග්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීම සදහා තෝරා ගෙන තිබෙනවා.

මීට මසකට පෙර, එනම් පසුගිය ඔක්තෝබර් 19 වනදා පැවැති ක්‍රීඩක කෙටුම්පත් කිරීම හෙවත් තෝරා ගැනීමේ අවස්ථාවේ දී ඔහුව කිසිදු කණ්ඩායමකට තෝරා ගෙන තිබුණේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...