එංගලන්ත තරගාවලිය අභියස දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙකුට කොරෝනා

Date:

දකුණු අප්‍රිකා ක්‍රිකට් ක්‍රීඩකයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඒ හේතුවෙන් ඔහු සමග තවත් සමීප ආශ්‍රිත ක්‍රීඩකයින් දෙදෙනෙකු කේප් ටවුන්හි හුදෙකලා කර ඇති බවයි වාර්තා වන්නේ.

එංගලන්ත තරගාවලිය ආරම්භ වීමට සතියක පමණ කාලයක් ඉතිරිව පවතින අවස්ථාවේ දී මෙය සිදුවීම විශේෂත්වයක්.

කෙසේ වෙතත්, මෙම ක්‍රීඩකයින් සංචිතයෙන් ඉවත් කිරීමට මෙතෙක් තීරණය කර නැතත්, එළඹෙන 21 වනදා පැවැත්වීමට නියමිත අභ්‍යන්තර සංචිත පුහුණු තරගය සදහා ක්‍රීඩකයින් දෙදෙනෙකු ආදේශ කෙරෙනු ඇති.

එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පළමු 20යි 20 ක්‍රිකට් තරගය ලබන 27 වනදා පැවැත්වීමට නියමිතයි.

තරග සංචාරයට එක්වන එංගලන්ත කණ්ඩායම ද මේ වන විට දකුණු අප්‍රිකාවට පැමිණ ඇති අතර, ඔවුන් සියලු දෙනා කොවිඩ් 19 සම්බන්ධයෙන් සිදු කෙරුණු වෛද්‍ය පරීක්ෂණවලින් සමත් වී තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...