ජැෆ්නා ස්ටැලියන්ස් සම හිමිකාරීත්වය Microsoft Ventures නිර්මාතෘට

Date:

ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ සම හිමිකරුවෙකු ලෙස තාක්ෂණික ව්‍යවසායකයෙකු වන Microsoft Ventures හි නිර්මාතෘ රාහුල් සූද් එක්වී තිබෙනවා.

Microsoft සමාගමේ අනුබද්ධිත ආයතනයක් වන Microsoft Ventures 2016 වසරේ දී යි පිහිටුවා ඇත්තේ.

යාපනය කණ්ඩායම නිකුත් කළ නිවේදනයක දැක් වුණේ ජැෆ්නා ස්ටැලියන්ස් සන්නාම සංවර්ධනයට සහාය වීම සඳහා රාහුල් සූද් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ඇති බවයි.

වොෂින්ටන්හි සියැටල් නගරය කේන්ද්‍රකරගත් Unikrn නම් ඊ ක්‍රීඩා සමාගමේ (esports entertainment platform) (esports betting and entertainment media company) සම නිර්මාතෘවරයා වන්නේ ද ඔහුයි.

සෞඛ්‍ය සේවා ව්‍යවසායකයෙකු වන Brindon Bagirathan මෙහෙය වන බ්‍රිතාන්‍ය කේන්ද්‍රකර ගත් සමූහයක් විසින් ද ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය දරනු ලබනවා.

ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස තිළිණ කණ්ඩම්බි කටයුතු කරන අතර, නායකයා ලෙස කටයුතු කරන්නේ තිසර පෙරේරායි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...