කේන් සහ බෝල්ට් 20යි විස්සෙන් විවේක ගන්වයි

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි නවසීලන්ත 20යි 20 සංචිතය මෙරට වේලාවෙන් අද (16) ප්‍රකාශයට පත් කෙරුණා.

මෙම තරගාවලියෙන් නිත්‍ය නායක කේන් විලියම්සන් සහ ට්‍රෙන්ට් බෝල්ට් විවේක ගන්වා ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ඒ අනුව ක්‍රීඩකයින් 13 දෙනෙකුගෙන් යුත් නවසීලන්ත සංචිතය ටිම් සවුති විසින් මෙහෙයවනු ඇති.

ජාතික සංචිතය සදහා පළමු වරට Devon Conway කැදවා ඇති අතර, ක්යිල් ජමිසන් ද පළමු වරට 20යි 20 සංචිතයට නම් කර තිබීම විශේෂත්වයක්.

කෙසේ වෙතත්, ක්යිල් ජමිසන්, ටිම් සවුති සහ රෝස් ටේලර් පළමු 20යි 20 තරග දෙක සදහා පමණක් නම් කර ඇති බව සදහන්.

ඒ අනුව ඔවුන් තිදෙනා ලබන 30 වනදා ක්‍රීඩකයින් 13 දෙනෙකුගෙන් යුත් ටෙස්ට් සංචිතය සමග එක් වනු ඇති.

ඔවුන් වෙනුවට අවසන් 20යි 20 තරගය සදහා නම් කර ඇත්තේ Mark Chapman, Doug Bracewell සහ Scott Kuggeleijn යන ක්‍රීඩකයින්.

බිග් බෑෂ් ලීග් තරගාවලියට එක්වන කොලින් මුන්රෝ මෙම 20යි 20 සංචිතයට නම් කර නැහැ.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලියේ පළමු තරගය ලබන 27 වනදා පැවැත්වීමට නියමිතයි.

T20I Squad:

Tim Southee (c), Hamish Bennett, Devon Conway, Lockie Ferguson, Martin Guptill, Kyle Jamieson, Daryl Mitchell, Jimmy Neesham, Glenn Phillips, Mitchell Santner, Ish Sodhi, Tim Seifert (wk), Ross Taylor

Test Squad:

Kane Williamson (c), Tom Blundell, Trent Boult, Colin de Grandhomme, Kyle Jamieson, Tom Latham, Henry Nicholls, Ajaz Patel, Tim Southee, Ross Taylor, Neil Wagner, BJ Watling (wk), Will Young

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...