තවත් ඉන්දීය සහ පාකිස්තාන සුපිරි වේග පන්දු යවන්නන් දෙදෙනෙක් LPL තරගාවලියට

Date:

තවත් ඉන්දීය සහ පාකිස්තාන වේග පන්දු යවන්නන් දෙදෙනෙකු ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වීම සදහා ගිවිසුම් අත්සන් කර ඇති බව වාර්තාවනවා.

ඒ අනුව ඉන්දීය හිටපු වේග පන්දු යවන ක්‍රීඩක මුනාෆ් පටෙල් ගිවිසුම් අත්සන් කර ඇත්තේ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම සමගයි.

37 හැවිරිදි ඔහු ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 13කට, එක්දින තරග 70කට සහ 20යි 20 තරග 3කට ක්‍රීඩා කර තිබුණා.

ඔහුට අමතරව පාකිස්තානයේ සොහයිල් තන්වීර් ද කැන්ඩි ටස්කර්ස් සංචිතයට එක්ව තිබෙනවා.

ඒ, ආබාධයකට ලක්වීම හේතුවෙන් තරගාවලියෙන් ඉවත්වීමට සිදු වූ එංගලන්තයේ ලියම් ප්ලන්කට් වෙනුවටයි.

ටෙස්ට් තරග දෙකකදී, 20යි 20 තරග 57කදී සහ එක්දින තරග 62කදී පාකිස්තානය නියෝජනය කළ 35 හැවිරිදි තන්වීර් එහිදී බිද හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 130ක්.

ක්‍රිස් ගේල් සහ ඉර්ෆාන් පතාන් ද කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම නියෝජනය කරනු ලබනවා.

කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම සදහා පාකිස්තානයේ වහබ් රියාස් ද ක්‍රීඩා කිරීමට නියමිතව සිටි නමුත්, පාකිස්තාන කණ්ඩායමේ එළඹෙන නවසීලන්ත තරග සංචාරය හේතුවෙන් ඔහුට එල්.පී.එල් තරගාවලිය අහිමි වුණා.

කැන්ඩි ටස්කර්ස් සංචිතයට ඇතුළත් දේශීය ක්‍රීඩකයින් –

කුසල් ජනිත්(නායක) , කුසල් මෙන්ඩිස්, නුවන් ප්‍රදීප්, සීක්කුගේ ප්‍රසන්න, අසේල ගුණරත්න, කමිදු මෙන්ඩිස්, දිල්රුවන් පෙරේරා, ප්‍රියමාල් පෙරේරා, කවීෂ අංජුල, ලසිත් ඇඹුල්දෙණිය, ළහිරු සමරකෝන්, නිශාන් මදුෂ්ක, චාමික එදිරිසිංහ, ඉෂාන් ජයරත්න

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...