තන්වීර්ගේ එක්වීමත් සමග නුවර කණ්ඩායමේ විදෙස් ක්‍රීඩකයන් 6 දෙනා මෙන්න

Date:

එළඹෙන 26 වනදායින් ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට තරග වදින කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ නවතම විදෙස් ක්‍රීඩකයන් ලෙස හිටපු ඉන්දිය ක්‍රීඩක මුනාෆ් පටෙල් හා පාකිස්තාන ක්‍රීඩක සොහයිල් තන්වීර් එක්වී ඇති බව අප ඊයේ තොරතුරු වාර්තා කළා.

Road Safty World Series තරගවලියේදී ඉන්දියා ලෙජන්ඩ්ස් කණ්ඩායම නියෝජනය කරමින් අවසන්වරට ක්‍රීඩා ක‍ර ඇති මුනාෆ් පටෙල් එහිදී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 19කට කඩුලු 4ක් බිද හෙලීමට ද සමත් වුණා.

මේ වන විට 37 වන වියේ පසු වන පටෙල් ඉන්දිය ප්‍රිමියර් ලීග් තරග 63 කට මුහුණ දී බිඳ හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 74 ක්.

මෙවර පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ වැඩිම කඩුලුලාභීන් අතර තෙවැනි ස්ථානය කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම සමග එක්වූ අනෙක් විදෙස් ක්‍රීඩකයා වන සොහයිල් තන්වීර් විසින් හිමි කර ගෙන සිටින අතර ඔහු තරග 10 කට සහභාගීවෙමින් බිඳ හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 14 ක්.

ඒ අනුව ක්‍රිස් ගේල්, ඉර්ෆාන් පතාන්, නවීන් උල් හක්, මුනාෆ් පටෙල්, සොහයිල් තන්වීර් සහ රහමනුල්ලා ගුර්බාස් යන විදෙස් ක්‍රීඩකයන් සමගින් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ විදෙස් ක්‍රීඩකයන් හයදෙනා මේ වන විට සම්පූර්ණ වී ඇති බව සදහන්.

බොලිවුඩ් නලු සල්මන් ඛාන්ගේ සොහොයුරු සොහයිල් ඛාන් විසින් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ හිමිකාරිත්වය දරනු ලබනවා.

කැන්ඩි ටස්කර්ස් සංචිතය :

කුසල් ජනිත්(නායක) , කුසල් මෙන්ඩිස්, නුවන් ප්‍රදීප්, සීක්කුගේ ප්‍රසන්න, අසේල ගුණරත්න, කමිදු මෙන්ඩිස්, දිල්රුවන් පෙරේරා, ප්‍රියමාල් පෙරේරා, කවීෂ අංජුල, ලසිත් ඇඹුල්දෙණිය, ළහිරු සමරකෝන්, නිශාන් මදුෂ්ක, චාමික එදිරිසිංහ, ඉෂාන් ජයරත්න, ක්‍රිස් ගේල්, ඉර්ෆාන් පතාන්, නවීන් උල් හක්, මුනාෆ් පටෙල්, සොහයිල් තන්වීර් සහ රහමනුල්ලා ගුර්බාස්

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...