දකුණු අප්‍රිකා ක්‍රිකට් අර්බුදය විසදෙයි – එංගලන්ත තරගාවලියටත් කොළ එළිය

Date:

දකුණු අප්‍රිකා ක්‍රිකට් සාමාජික කවුන්සලය විසින් එරට රජය පසුගියදා පත් කළ නව ක්‍රිකට් අතුරු කමිටුවට අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ, පසුගිය බදාදා සිට එම කවුන්සලය රැස් වූ සිව්වන අවස්ථාවේ දී යි.

දකුණු අප්‍රිකා ක්‍රිකට් සාමාජික කවුන්සලය යනු එරට ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් වැදගත් තීරණ ගනු ලබන මණ්ඩලයයි.

රජය විසින් පත් කරන ලද ක්‍රිකට් අතුරු කමිටුව, සාමාජික කවුන්සලය විසින් පසුගිය දා ප්‍රතික්ෂේප කිරීමට පියවර ගත්තා.

අනතුරුව දකුණු අප්‍රිකාවේ ක්‍රීඩා අමාත්‍ය Nathi Mthethwa තර්ජනාත්මකව සදහන් කළේ වහාම අතුරු කමිටුව පිළිගැනීමට සාමාජික කවුන්සලය විසින් කටයුතු කළ යුතු බවටයි.

එසේ නොකළහොත් මෙම ගැටලුවට මැදිහත් වීමට තමා සිය ව්‍යවස්ථාපිත බලතල යොදා ගන්නා බවටත්, සම්බාධක පැනවීමට කටයුතු කරන බවටත් ක්‍රීඩා අමාත්‍යවරයා කියා සිටියා.

එහිදී දකුණු අප්‍රිකා ජාතික කණ්ඩායම් නියෝජනය කිරීමේ අවස්ථාව දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනයට අහිමි කරන බවට ද ක්‍රීඩා අමාත්‍යවරයා තර්ජනය කර තිබූ බව සදහන්.

ක්‍රීඩා අමාත්‍යවරයා එවැනි මැදිහත් වීමක් සිදු කළහොත් එය රජයේ මැදිහත්වීමක් ලෙස සැලකිය හැකියි.

එවැනි මැදිහත් වීම් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් තහනම් කර ඇති බැවින් එසේ වුවහොත් දකුණු අප්‍රිකාවට ක්‍රිකට් තහනමක් වුවද පැනවීමේ අවධානමක් මතු වනවා.

මෙම පසුබිම යටතේයි දකුණු අප්‍රිකා ක්‍රිකට් සාමාජික කවුන්සලය විසින් එරට රජය පසුගියදා පත් කළ නව ක්‍රිකට් අතුරු කමිටුවට මේ වන විට අනුමැතිය ලබා දී ඇත්තේ.

ඒ අනුව මෙම අර්බුදයත් සමග අවධානමට ලක්ව තිබූ එංගලන්ත කණ්ඩායමේ දකුණු අප්‍රිකා තරග සංචාරය ද ගැටලුවකින් තොරව සිදු වනු ඇති බවයි වාර්තා වන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...