පස්වැනි වරටත් ශූරතාවය අපේක්ෂාවෙන් මුම්බායි අද අවසන් තරගයට

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 13 වන අදියරේ අවසන් මහා තරගය අද (10) පැවැත්වෙනවා.

ඒ, සිව්වරක් ශුරතාවය දිනා ඇති මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ පළමුවරට ශුරතාව ජය ගැනීමේ අරමුණින් තරග වදින දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතරයි.

තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

මුම්බායි කණ්ඩායම මෙවර තරගාවලියේ ද ශූරතාවය ජය ගතහොත් එය ඔවුන්ගේ පස්වැනි අයි.පී.එල් ශුරතාවය මෙන්ම අඛණ්ඩව ජය ගන්නා දෙවැනි ශූරතාවය ද වනු ඇති.

එසේ වුවහොත් මුම්බායි පිල ඉතිහාසගත වන්නේ අඛණ්ඩව අයි.පී.එල් ශූරතා ද්විත්යක් ජය ගත් දෙවැනි කණ්ඩායම ලෙසයි.

මීට පෙර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම 2010 සහ 2011 වසරවලදී අයි.පී.එල් ශූරතාවය අඛණ්ඩව ජය ගෙන තිබුණා.

මුම්බායි කණ්ඩායමේ ප්‍රතිවාදීන් වන දිල්ලි කණ්ඩායම අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබුවේ පළමු වරටයි.

මේ අතර, අවසන් වටයේ පළමු තරගයේ දී ආබාධයකට ලක් වූ මුම්බායි කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ට්‍රෙන්ට් බෝල්ට් අවසන් තරගය සදහා බොහෝ විට ක්‍රීඩා කිරීමට ඉඩ තිබෙනවා.

ඔහු පුහුණුවීම් සදහා ද සහභාගී වූ බවයි නායක රෝහිට් ෂර්මා සදහන් කළේ.

මෙවර තරගාවලියේ අවසන් මහා තරගය ඉතිහාසයේ පළමු වරට සතියේ දිනක පැවැත්වීම ද විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...