ස්ටක් වසර 6කට පසු එක් වූ කණ්ඩායම මෙන්න

Date:

ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටක් සිඩ්නි සික්සර්ස් කණ්ඩායම සමග ගිවිසුම් අත්සන් කර තිබෙනවා.

ඒ, මෙවර බිග් බෑෂ් ලීග් තරගාවලිය ක්‍රීඩා කිරීම වෙනුවෙන්.

ඔහු මෙලෙස බිග් බෑෂ් තරගාවලිකට ක්‍රීඩා කරන්නේ වසර 6කට පසුව වීම විශේෂත්වයක්.

ඉන්දීය කණ්ඩායම ද තරග සංචාරයක් සදහා ඔස්ට්‍රේලියාවට පැමිණෙන බැවින්, මිචෙල් ස්ටක් මෙවර බිග් බෑෂ් ලීග් තරගාවලියේ අවසන් තරග කිහිපය සදහා පමණක් ක්‍රීඩා කරනු ඇති.

මේ අතර, එංගලන්තයේ ජොනී බෙයාර්ස්ටව් මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායම සමග මෙවර තරගාවලිය සදහා ගිවිසුම් අත්සන් කර තිබෙනවා.

ඔහු මෙවර බිග් බෑෂ් ලීග් තරගාවලියට එක්වන 10 වැනි එංගලන්ත ක්‍රීඩකයා වීම විශේෂත්වයක්.

මෙය ඔහුගේ මංගල බිග් බෑෂ් ලීග් තරගාවලිය වන අතර, එංගලන්ත කණ්ඩායමේ එළඹෙන දකුණු අප්‍රිකා තරග සංචාරය නිම වීමෙන් අනතුරුව ජොනී බෙයාර්ස්ටව් බිග් බෑෂ් තරගාවලිය සදහා එක් වීමට නියමිතයි.

මෙවර බිග් බෑෂ් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය දෙසැම්බර් 10 වනදා ආරම්භ වනවා.

අවසන් මහා තරගය ලබන වසරේ පෙබරවාරි 6 වනදා පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...