චමරි සහ ශෂිකලාගේ සුපර්නෝවස් පරදා ට්‍රෙයිල්බ්ලෙසර්ස් ශුරතාවය දිනයි

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැති කාන්තා අභියෝගතා 20යි 20 තරගාවලියේ (Women’s T20 Challenge) ශූරතාවය දිනා ගැනීමට ට්‍රෙයිල්බ්ලෙසර්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, අද(9) පැවැති අවසන් මහා තරගයේ දී සුපර්නෝවස් කණ්ඩායම ලකුණු 16කින් පරාජයට පත් කරමින්.

ට්‍රෙයිල්බ්ලෙසර්ස් කණ්ඩායම මෙම ශුරතාවය ජය ගත් ඉතිහාසයේ පළමු අවස්ථාව මෙයයි.

සාජාහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගත් සුපර්නෝවස් කණ්ඩායම පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ට්‍රෙයිල්බ්ලෙසර්ස් කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 118ක් ලබා ගත්තා.

නායිකා ස්ම්රිටි මන්දනා පන්දු 49කින් ලකුණු 68ක් රැස් කළේ හයේ පහර 3ක් සහ හතරේ පහර 5ක් සමගින්.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ රාධා යාදේව් ලකුණු 16කට කඩුලු 5ක් දවා ගත්තා.

ශෂිකලා සිරිවර්ධන සහ පූනාම් යාදෙව් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සුපර්නෝවස් කණ්ඩායමට කඩුලු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 101ක් පමණයි.

පසුගිය තරග ද්විත්වයේ දී ම ඉනිමට වේගවත් ආරම්භයක් ලබා දුන් චමරි අතපත්තු මෙම තරගයේ දී ලකුණු 6කට දැවී ගියා.

නායිකා හර්මන්ප්‍රීට් කෝවුර් ලකුණු 30ක් ලබා ගත් අතර, ශෂිකලා සිරිවර්ධන ලකුණු 19ක් රැස් කළා.

පන්දු යැවීමේ දී සල්මා කාටුන් ලකුණු 18කට කඩුලු 3ක් බිද හෙලීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...