මහේල ශ්‍රී ලංකා පුහුණුකාරධූරයට බෑ කියයි

Date:

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකාරධූරය භාර ගැනීමට තමා සූදානම් නොමැති බව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු සහ ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන පවසනවා.

වෘත්තීමය නොවන ක්‍රියාපටිපාටියක් පවතින ස්ථානයකට සම්බන්ධ වීමට තමාට අවශ්‍ය නොමැති බවයි ඔහු සදහන් කර ඇත්තේ.

Sunday Times පුවත්පත වෙත අදහස් දක්වමින් මහේල ජයවර්ධන මෙම අදහස් පල කළා.

මේ වන විට ඔහු පුහුණුකාරීත්වය දරන මුම්බායි කණ්ඩායම මෙවර අයි.පී.එල් තරගාවලියේ ද අවසන් තරගය සදහා සුදුසුකම් ලබා සිටිනවා.

මහේලගේ පුහුණුකාරීත්වය යටතේ මුම්බායි කණ්ඩායම මෙවර තරගාවලිය ද ඇතුළුව තරගාවලි 4ක් ක්‍රීඩා කර ඇති අතර, මේ වන විට ඉන් අවස්ථා තුනකදීම අවසන් තරගය සදහා මුම්බායි පිල සුදුසුකම් ලබා තිබෙනවා.

මීට පෙර සුදුසුකම් ලැබූ අවස්ථා දෙකම මුම්බායි කණ්ඩායම අවසන් කළේ ශූරතාවය ජය ගනිමින්.(2017 සහ 2019)

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරීත්වයක් භාර ගැනීමට සූදානම් ද යන්න සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින් මහේල ජයවර්ධන සදහන් කර ඇත්තේ තමා ලබා ගත් දේ ආපසු ක්‍රීඩාවට ලබා දීමට කැමත්තෙන් පසුවන නමුත්,  තමාට වැඩ කිරීමට පහසු පරිසරයක් පවතින තැනක පමණක් තමා සේවය කරන බවයි.

“මට පහසුවක් දැනෙන තැනක විතරයි මම වැඩ කරන්නේ.” යනුවෙන් මහේල කියා සිටියා.

“මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මට අවශ්‍ය නිදහස ලබා දී තිබෙනවා. ඒ වගේම එයාලා මගේ අදහස්වලට සහයෝගය දක්වනවා. ඒක වැදගත්. මම කැමති නැහැ මට පහසුකවක් දැනෙන්නේ නැති තැනක වැඩ කරන්න”

“මම නිතරම කියලා තියෙනවා අපිට අවශ්‍යයි කියලා විධිමත් ක්‍රමවේදයක්. නමුත් අපි ඒක දැක්කේ නැහැ පසුගිය කාලයේ.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...