ඔස්ට්‍රේලියාවට එරෙහි ටෙස්ට් තරග දෙකකින් කෝලි ඉවත් වෙයි

Date:

ඉන්දීය කණ්ඩායමේ නායක විරාට් කෝලිට ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත තරග 4කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග දෙක ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති බව වාර්තා වනවා.

ඒ, ඔහුගේ බිරිද වන බොලිවුඩ් නිලි අනුෂ්කා ෂර්මා සිය පළමු දරු උපත වෙනුවෙන් සූදානම්ව සිටින බැවින්.

ඒ අනුව විරාට් කෝලි දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරග දෙක සදහා පමණක් ක්‍රීඩා කර, පසුව ඉන්දියාව වෙත පැමිණීමට ඉඩ ඇති බව සදහන්.

පළමු ටෙස්ට් තරගය දෙසැම්බර් 17 වනදා ඇඩිලේඩ්හී දී දිවා රාත්‍රී තරගයක් ලෙස ආරම්භ වනවා.

බොක්සිං දින ටෙස්ට් තරගය 26 වනදා ආරම්භ වන්නේ මෙල්බර්න් ක්‍රීඩාංගනයේ දී යි.

දෙරට අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගය එළඹෙන නව වසරේ කණ්ඩායම් දෙක ක්‍රීඩා කරන පළමු ටෙස්ට් තරගය ලෙසින් ජනවාරි 7 වනදා සිඩ්නි ක්‍රීඩාංගනයේ දී ද, අවසන් ටෙස්ට් තරගය ජනවාරි 15 වනදා බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගනයේ දී ද ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු තරග සංචාරය අරඹමින් ඉන්දීය කණ්ඩායම එළඹෙන 11 වනදා එරටට ළගා වන අතර, දෙරට අතර පළමු එක්දින තරගය ලබන 27 වනදා පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...