LPL රූපවාහිනී විස්තර විචාරයට 6 දෙනෙකුගෙන් යුත් කමිටුවක්

Date:

ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් එල්.පී.එල් ක්‍රිකට් තරගාවලිය ලොව පුරා සජීවීව විකාශනය කිරීමේදී ඒ සඳහා ජාත්‍යන්තරයේ කීර්තිමත් නාමයක් දිනාගත් විස්තර විචාරකයින්ගෙන් සමන්විත මණ්ඩලයකගේ සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

සාමාජිකයින් 06 දෙනෙකුගෙන් සමන්විත මෙම විස්තර විචාරක කමිටුවට ලොව ජනප්‍රියතම ක්‍රිකට් විස්තර විචාරකයකු වන ඔස්ට්‍රේලියානු ජාතික මයික් හෙයිස්මන් ද ඇතුළත්.

එමෙන්ම ශ්‍රී ලාංකික විස්තර විචාරකයින් දෙපළක් වන රොෂාන් අබේසිංහ සහ රසල් ආනල්ඩ් යන මහත්වරු ද  එල්.පී.එල් තරගාවලියට විස්තර විචාරකයින් ලෙස එක් වනු ඇති.

ඔවුන්ට අමතරව පාකිස්තානයේ අමීර් සොහෙයිල්, දකුණු අප්‍රිකානු සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි හිටපු ප්‍රවේගකාරී පිතිකරුවන් දෙපළක් වන හර්ෂල් ගිබ්ස් සහ ඩැරන් ගංගා ද LPL තරගාවලියේ විස්තර විචාරක කමිටුවට ඇතුළත්ව සිටිනවා.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් 26 වැනිදා සිට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...