බබාර්ගේ පිත්ත යළි ක්‍රියාත්මක වෙයි – තරගාවලියේ ජයත් පාකිස්තානයට – Match Report

Date:

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය එක් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.

ඒ, දෙරට අතර අද(8) පැවැති දෙවන තරගයෙන් පාකිස්තානය කඩුලු 8ක පහසු ජයක් වාර්තා කිරීමත් සමගයි.

රාවල්පින්ඩිහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානයේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 134ක් ලබා ගත්තා.

Ryan Burl නොදැවී ලකුණු 32ක් සහ Wesley Madhevere ලකුණු 24ක් රැස් කරමින් සිම්බාබ්වේ ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී හැරිස් රවුෆ් සහ උස්මාන් කදීර් කඩුලු 3 බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ පන්දුවාර 15.1ක් අවසානයේ දී යි.

සුපුරුදු වේගවත් ඉනිම ක්‍රීඩා කළ නායක බබාර් අසාම් පන්දු 28කින් ලකුණු 51ක් ලබා ගත් අතර, හෙයිදර් අලී නොදැවී ලකුණු 66ක් රැස් කළා.

පන්දු යැවීමේ දී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් Blessing Muzarabani කඩුලු 2ක් බිද හෙලුවා.

දෙරට අතර පැවැත්වෙන අවසන් 20යි 20 තරගය අනිද්දා (10) පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...