දිල්ලිය ඉතිහාසය වෙනස් කරමින් අවසන් තරගයට – Match Report

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ පළමු වරට අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ මෙවර තරගාවලිය යටතේ අද(8) පැවැති අවසන් වටයේ තෙවැනි තරගයෙන් (Qualifier 2) ඔවුන් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම පරදා ලකුණු 17ක ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

අබුඩාබිහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 189ක් ලබා ගත්තා.

මෙම තරගයේ දී දිල්ලි පිල වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේ ශිකර් දවාන් සමගින් මාර්කස් ස්ටොයිනිස් වීම විශේෂත්වයක්.

ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 86ක සබදතාවයක් ගොඩ නැගුවා.

ස්ටොයිනිස් ලකුණු 38කට දැවී ගිය අතර, ශිකර් දවාන් රැස් කළ ලකුණු සංඛ්‍යාව 78ක්.

ශිම්රන් හෙට්මයර් පන්දු 22කින් වේගවත් ලකුණු 42ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී සන්දීප් ෂර්මා, ජේසන් හෝල්ඩර් සහ රෂීඩ් ඛාන් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමට කඩුලු 8ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 172ක් පමණයි.

නායක ඩේවිඩ් වෝනර් ලකුණු දෙකකට දවා ගනිමින් ප්‍රබල ආරම්භයක් ලබා ගැනීමට දිල්ලි කණ්ඩායම සමත් වුණා.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ කේන් විලියම්සන් ලකුණු 67ක් රැස් කළේ පන්දු 45කට මුහුණ දෙමින්.

ඔහුගේ ඉනිම හයේ පහර 4කින් සහ හතරේ පහර 5කින් වර්ණවත් වුණා.

අබ්දුල් සමාද් පන්දු 16කින් ලකුණු 33ක් රැස් කළා.(6×2, 4×2)

පන්දු යැවීමේ දී කාගිසෝ රබාඩා ලකුණු 29කට කඩුලු 4ක් සහ මර්කස් ස්ටොයිනිස් ලකුණු 26කට කඩුලු 3ක් බිද හෙලුවා.

තරගාවලියේ අවසන් තරගය ලබන 10 වනදා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර ඩුබායිහී දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...