ක්‍රිකට් යළි ආරම්භ කිරීමට අයි.සී.සීයෙන් මාර්ගෝපදේශන මාලාවක්

Date:

ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂිතව නැවත ආරම්භ කිරීම සදහා අවශ්‍ය මාර්ගෝපදේශන මාලාවක් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ, කොරෝනා වෛරසය හේතුවෙන් පැනවුණු රජයේ සීමාවන් ඇතැම් රටවල ලිහිල් කෙරෙමින් පැවතීමත් සමග එම රටවල ක්‍රිකට් ක්‍රීඩා කටයුතු නැවත ආරම්භ කිරීමට සහාය වීමක් වශයෙන්.

ක්‍රිකට් ක්‍රීඩාව නැවත ආරම්භ කිරීමේ මාර්ගෝපදේශන මාලාව (ICC Back to Cricket Guidelines) අයි.සී.සී වෛද්‍ය උපදේශක කමිටුව විසින් සාමාජික වෛද්‍ය නියෝජිතයින් සමග එක් වී සකස් කරන ලද පුළුල් ලේඛණයක් බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

එහි ප්‍රජා ක්‍රිකට්, දේශීය වෘත්තීමය ක්‍රිකට් සහ ජාත්‍යන්තර ක්‍රිකට් නැවත ආරම්භ කිරීම සදහා වන මාර්ගෝපදේශන ඇතුළත්.

ලොව විවිධ ප්‍රදේශවල ක්‍රීඩාව යළි ආරම්භ කිරීමේ කාලය සම්බන්ධයෙන් විසදුම් මෙමගින් ලබා නොදෙන බවත්, කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ආරක්ෂා වී නැවත ක්‍රීඩාව ආරම්භ කළ හැකි ආකාරය පිළිබද ප්‍රායෝගික යෝජනා සහිත රාමුවක් පමණක් මෙමගින් ලබා දෙන බවත් ජගත් ක්‍රිකට් කවුන්සලය පෙන්වා දෙනවා.

ක්‍රිකට් ක්‍රීඩාව නැවත ආරම්භ කිරීම වෙනුවෙන් ප්‍රතිපත්තියක් සකස් කර ගැනිම සදහා මෙම මාර්ගෝපදේශන උපයෝගී කර ගන්නා ලෙසයි අයි.සී.සී ය සාමාජික රටවල්වලට දැනුම් දෙන්නේ.

කෙසේ වෙතත්, රජයේ රෙගුලාසි සදහා ප්‍රමුඛතාවය ලබා දිය යුතු බව ද ජගත් ක්‍රිකට් කවුන්සලය නිකුත් කළ නිවේදනයේ සදහන්.

සම්පූර්ණ මාර්ගෝපදේශන මාලාව මෙතනින්

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...