ඉන්දීය තරගාවලියට 10න් 9ක අවස්ථාවක් ඇතැයි ඔස්ට්‍රේලියාව කියයි

Date:

මෙම වසර අවසානයට යෙදී ඇති ඉන්දීය කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරය නියමිත පරිදි සිදු කිරීම සදහා 10න් 9ක පමණ අවස්ථාවක් පවතින බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී කෙවින් රොබර්ට්ස් පවසනවා.

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය මේ වන විට දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව සිටින බැවින් මෙම තරග සංචාරය නියමිත පරිදි පැවැත්වීම ඔවුන්ට දැඩි ලෙස අවශ්‍යව ඇති බවයි ක්‍රීඩා විචාරකයින් පෙන්වා දෙන්නේ.

මේ වන විටත් කොරෝනා වසංගත අර්බුදය හමුවේ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය මූල්‍ය කප්පාදු කිරීම් කිහිපයක්ම සිදු කර අවසන්.

නොවැම්බර් මාසයේ දී ආරම්භ වන ඉන්දීය කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරයේ දී දෙරට අතර ටෙස්ට් තරග 4ක් සහ එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

ඒ ඔස්සේ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයට හිමි වීමට අපේක්ෂිත මුදල ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 300ක්.

තරගාවලියට පෙර දින 14ක් නීරෝධායනය වීම සදහා ද පසුගියදා ඉන්දියාව එකගතාවය පල කර තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...