අයි.සී.සී සභාපතිධූරයට ගංගුලි අවශ්‍යයි – ග්‍රෑම් ස්මිත්

Date:

ජගත් ක්‍රිකට් කවුන්සලයේ සභාපතිවරයා ලෙස ඉන්දීය ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති සෞරව් ගංගුලි පත් වීම සුදුසු බව දකුණු අප්‍රිකානු ක්‍රිකට් අධ්‍යක්ෂ ග්‍රෑම් ස්මිත් පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ කොරෝනා වෛරස අර්බුදයෙන් පසුව ශක්තිමත් නායකත්වයක් ජගත් ක්‍රිකට් කවුන්සලය සදහා අවශ්‍යව ඇති බවයි.

සෞරව් ගංගුලි ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස නිතරගයෙන් තේරී පත් වුණේ පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ දී යි.

මේ වන විට ජගත් ක්‍රිකට් කවුන්සලයේ සභාපතිවරයා ලෙස ඉන්දීය ක්‍රිකට් ආයතනයේම හිටපු සභාපතිවරයෙකු වන ශශාන්ක් මනෝහාර් කටයුතු කරනවා.

ඔහුගේ ධූර කාලය මෙම මාසයේ දි අවසන් වන අතර, පසුව යළි එම තනතුරට පත් විමට තමා අපේක්ෂා නොකරන බවයි ශශාන්ක් මනෝහාර් සදහන් කර ඇත්තේ.

“අයි.සී.සී හි ප්‍රධානියා ලෙස නිවැරැදිම පුද්ගලයා පත් වීම ඉතා වැදගත්. කොරෝනා වසංගත තත්ත්වයෙන් පසුව ක්‍රිකට් ක්‍රීඩාවට ශක්තිමත් නායකත්වයක් අවශ්‍යයි. නවීන ක්‍රීඩාවට ගැළපෙන කෙනෙක් එම තනතුරට පත් විමට කාලය එළඹ තිබෙනවා.”

යනුවෙන් ග්‍රෑම් ස්මිත් සදහන් කර තිබෙනවා.

“ගංගුලි වගේ ක්‍රිකට් පුද්ගලයෙක් අයි.සී.සී සභාපතිවරයා වනවා දැකීම සතුටට කරුණක්. ඒක ක්‍රීඩාවට ගොඩක් හොද වේවි. ඔහු ක්‍රීඩාව තේරුම් ගන්න කෙනෙක්. ඉහළ තලයේ ක්‍රිකට් ක්‍රීඩාව ඔහු ක්‍රීඩා කරල තියෙනවා වගේම ගංගුලි කියන්නේ ගෞරවයට පාත්‍රව ඇති අයෙක්.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...