පිටියේ සැමරුම්වලට අයි.සී.සීයෙන් තහනමක් – විනිසුරුවන්ටත් අත් ආවරණ

Date:

තරග අතරතුර දී ශරීර සම්බන්ධතා සහිත සැමරුම් සිදු කිරීමෙන් වළකින ලෙස ජගත් ක්‍රිකට් කවුන්සලය ක්‍රීඩකයින්ට දැනුම් දෙනවා.

ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂිතව නැවත ආරම්භ කිරීම සදහා ඊයේ දිනයේ දී එම කවුන්සලය විසින් නිකුත් කළ මාර්ගෝපදේශන මාලාව තුළයි මෙම කරුණ ඇතුළත්ව ඇත්තේ.

ජගත් ක්‍රිකට් කවුන්සලය පෙන්වා දෙන්නේ ක්‍රීඩකයින් සහ විනිසුරුවන් ක්‍රීඩා පිටියේ දී ත්, ඉන් පිටතදීත් සම්මත සමාජ දුරස්ථභාවය රදවා ගත යුතු බවයි.

පුහුණුවිම්වලදී ද ක්‍රීඩකයින් මීටර් 1.5ක දුරක් (හෝ අදාළ රටේ සෞඛ්‍ය බළධාරීන් ප්‍රකාශ කරන දුර ප්‍රමාණයක්)  එකිනෙකා අතර රදවා තබා ගැනීම සිදු කළ යුතුයි.

හිස් වැසුම්, අව් කණ්ණාඩි, ඇදුම් වැනි පෞද්ගලික උපකරණ විනිසුරුවන් අතට හුවමාරු කිරීමෙන් වැළකිය යුතු බව ද අයි.සී.සී සදහන් කළා.

පන්දුව සමග සම්බන්ධ වූ අවස්ථාවන්වලදී ක්‍රීඩකයින් නිරතුරුවම විෂබීෂ නාෂක දියර (hand sanitiser) යොදා අත් පිරිසිදු කර ගත යුතුයි.

එමෙන්ම විනිසුරුවන් විසින් පන්දුව ඇල්ලීම සදහා අත් ආවරණ යොදා ගැනීම පිළිබද සලකා බැලිය යුතු බව ද අයි.සී.සීය අවධාරණය කර සිටියා.

ක්‍රීඩකයින් විසින් බීම බෝතල් හෝ බීම, තුවා සහ වෙනත් උපකරණ හුවමාරු කර ගැනීම තුළින් ද කොරෝනා වෛරසය ආසාදනය වීමේ අවධානමක් පවතින බැවින් ඒවා ද සිදු නොකළ යුතු බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය පෙන්වා දෙන්නේ.

එමෙන්ම පන්දුව පිරිමැදීම සදහා මිනිස් කේඨය (කෙළ) යොදා ගැනීම තහනම් කිරීමට අයි.සී.සී ක්‍රිකට් කමිටුව පසුගියදා කළ නිර්දේශය ද ජගත් ක්‍රිකට් කවුන්සලය මෙහිදී නැවත සිහිපත් කරනවා.

ක්‍රිකට් කමිටුව නිර්දේශ කර ඇත්තේ දහඩිය පමණක් යොදා ගනිමින් පන්දුව පිරිමැදීම සිදු කළ යුතු බවයි.

පන්දුව තුළින් විෂබීජ සම්ප්‍රේෂණය විය හැකි බැවින් පන්දුව භාවිතා කිරීම සම්බන්ධයෙන් ක්‍රීඩකයින්ට පැහැදිලි මග පෙන්වීමක් සිදු කළ යුතු බව අයි.සී.සීයේ අදහසයි.

ඒ අනුව පන්දුව ඇල්ලීමෙන් පසුව නිරතුරුව අත විෂබීජහරණයට ලක් කිරීම මෙන්ම, පන්දුව ඇල්ලීමෙන් පසුව ඇස, මුඛය සහ නාසය ස්පර්ශ කිරීමෙන් වැළකිය යුතු බව ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කරනවා.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...