ගුවන් අනතුරෙන් යසීර් ශාහ් මිය ගියා ද? ඇත්ත කතාව මෙන්න

Date:

තමා මේ වන විට ජීවතුන් අතර සිටින බව පාකිස්තාන දග පන්දු යවන ක්‍රීඩක යසීර් ශාහ් පවසනවා.

ඊයේ පාකිස්තානයේ සිදු වූ ගුවන් යානා අනතුරේ දී ඔහු ද එම යානයේ රැදී සිටි බවටත්, එහිදී ඔහු මිය ගිය බවටත් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාර සම්බන්ධයෙන් අදහස් දක්වමින් යසීර් ශාහ් ඒ බව කියා සිටියා.

අදාළ ගුවන් යානා අනතුරෙන් පුද්ගලයින් 100 දෙනෙකු පමණ මිය ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අතර යසීර් ශාහ් ද සිටින බවට ප්‍රචාර පැතිර ගිය නමුත්, පසුව අණාවරණය වූයේ ඔහු එම ගුවන් යානයේ ගමන් ගත් මගීන්ගේ නාම ලේඛනයට ඇතුළත්ව නොමැති බවයි.

කෙසේ වෙතත්, තවදුරටත් ඒ සම්බන්ධයෙන් වැරැදි ප්‍රචාර පැතිර යාම හේතුවෙන් ඔහු විසින් තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අදාළ සමාජ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කර සිටියා.

කෙසේ වෙතත්, එම ට්විටර් පණිවිඩය යසීර් ශාහ් විසින් පසුව ඉවත් කර තිබුණා.

එම ට්විටර් පණිවිඩය පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...