සංචාරක නවසීලන්ත A කාන්තා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා A කාන්තා සංචිතය නම් කර තිබෙනවා.
සත්‍යා සංදීපනීගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා A සංචිතයට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත්. ලිමන්සා තිලකරත්න ද සංචිතයට නම් කර තිබෙනවා.
එක්දින තරගාවලිය හෙට(12) ආරම්භ වන අතර, දෙවැනි හා තෙවැනි එක්දින තරග දෙක පිළිවෙලින් එළඹෙන 15 වැනිදා හා 18 වැනිදා පැවැත්වීමට නියමිතයි.
සියලු තරග රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පෙරවරු 10 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
- Sathya Sandeepani – Captain
- Sanjana Kavindi
- Vishmi Gunaratne
- Vimoksha Balasuriya
- Lihini Apsara
- Limansa Thilakarathna
- Dewmi Vihanga
- Sumudu Nisansala
- Rashmika Sewwandi
- Piumi Wathsala
- Randi Premarathne
- Satheeskumar Sajinthiny
- Rashmi Silva
- Chamudi Praboda
- Tharuka Shehani

